Spread the love

..

නිමල් රාජපක්ෂ

විශ්වසනීය ‍තොරතුරු හුවමාරුව සහ ශක්තිමත් නාවික ආරක්‍ෂක විදිවිධාන හේතුවෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘෂී රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේදී ඊයේ ( 19 ) රාත්‍රීයේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණ‍ය කර පරික්‍ෂාවට ලක් කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන තලවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇත.
එම සැකකරු, කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.