Spread the love

දෙමළ ජනතාවගේ යුද්දයට මැදිවූවන් වෙනුවෙන් යුක්තිය ලබාදීමට ඉදිරියටත් නොපසුබටව කටයුතු කරනා බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධනයේ මහලේකම් ඇග්නස් කැලමාඩර් මුලතිව් මුල්ලිවයික්කල්හි පවසා සිටියාය.

ඇය මේ බව බවස සිටියේ ඊයේ (18) දින මුලතිව් මුල්ලිවයික්කලහි යුදසැමරුම් ස්මාර්කය අසලදී සංවිධානය කෙට තිබූ යුද්දය නිමාවී යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කිරීමේ 15 වන වසරේ යුදසැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.

ඒහිදී ක්ෂමා සංවිධානයේ මහලේකම් වරිය විසින් මුල්ලිවයික්කාල් යුදසැමරුස් ස්මාර්කය අසලදී යුද්දයෙන් මිය ගිය අයවෙනුවෙන් පහන් දල්වා පුෂ්පෝපහාරයක්ද දක්වනු ලැබුවාය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා සිටියේ,

‘ යුද්දය නිමාවී වසර 15 ක් ගත වී ඇතත් මිය ගිය අයගේ හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙතෙක් දැඩි බලාපෙරොත්තුවෙන් සිටිනුයේ තමන්ට සාධාරණයක් ඊෂ්ට වන තුරුය. නමුත් මෙ දක්වා එම වැසියන්ට කිසිදු සාධාරණයක් ඉටුනොවීම දැඩි කනගාටවවක් බැවින් තම සංවිධනයද ඉදිරියටත් දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලම් වෙනුවෙන් යුක්තිය ඉටුකර දීමට කටයුතු කරනා බවටය.