Spread the love

සමස්ත පාසල් දරුවන්ට සහනයක් ලැබෙන පරිදි පාසල් උපකරණ සඳහා වන බද්ද අඩු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි

අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ට රුපියල් 6500 ක දීමනාවක් ලබාදීමට රජය යෝජනා කර ඇති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පිරිසට පමණක් මෙම සහනය ලබාදීමට කටයුතු කළහොත්, සමස්ත පිරිසට එය නොලැබෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.