පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තුමස 3 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 154ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ ඊයේ (12) දිනයේ ද අපරාධමය පැමිණිලි 05ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 01ක් ලැබී ඇති බවය.
එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 14දෙනෙකු සහ ආධාරකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
