Spread the love

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත සදහන් කරයි.

ඒ වැලිගම W15 හෝටලට වෙඩි තැබීමේ සිදු වීමේදී මිය ගියල කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියාට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ විසි පහක වන්දියක් ලබා දීම සම්බන්ධයෙනි.

2023 වසරේ දෙසැම්බර් මාසයේ 31 වන දා සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.