Spread the love

ජාතික ජන බලවේගයට භාර දුන්නේ සුඛිත මුදිත වූ රටක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කරයි.

වසර හැත්තෑ හතක් තිස්සේ විනාශ කල රටක් මාස හතෙන් ගොඩ දැමීමට නොහැකි බවද ඔහු පැවසීය.

මාස හයකින් රට ගොඩදාන බව කිසි තැනක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා නැති බවද ඔහු කියා සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.