Spread the love

කුච්චිවේලි ප්‍රදේශයේ පිහිටි තනන් පරිච්චාන් රක්ෂිතයේ මහ පරිමාණ දැව ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශ වාසීන් ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

මෙම රක්ෂිතයේ වසර පනහකට හැටකට වඩා පැරණි බුරුතගස් හැටකට ආසන්න ප්‍රමාණයක් යාන්ත්‍රික කියත් මගින් කපා බිම හෙළා රැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

කුච්චිවේලි, කල්ලන් පත්තු පාරේ හතේ කණුව හන්දියෙන් හැරී කයිනාට කුලම වැව පාරේ ගියවිට මෙම රක්ෂිතය හමුවන අතර දින සති ගණන් තිස්සේ මෙම දැව ජාවාරම සිදුකර ට්‍රැක්ටර් හා ලොරි මගින් බුරුත කඳන් පටවාගෙන ගිය ටයර් සලකුණු පවා දක්නට ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම රක්ෂිතයට කිලෝ මීටර හතරක් නුදුරින් පිහිටි මසන්වැව පුරාණ රජමහ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාවේ අරණ විහාරී හිමි පවසන්නේ යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක කිරීමේදී පිටවන ශබ්දය වැළැක්වීමට අමතර කොටස් සවි කර මෙම දැව ජාවාරම සිදුකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් කුච්චිවේලි පොලිසියට හා ප්‍රාදේශීය ලේකට දුරකථනයෙන් පැමිණිලි කර ඇති බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

දැව ජාවාරම් කරුවෝ වටිනා දැව තිබිය දී බුරුතගස් පමණක් තෝරා කපාගෙන ගොස් ඇති ආකාරය දක්නට ලැබේ.