Spread the love

නිමල් රාජපක්ෂ-

පුරා වසර 40 දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කොට පසුගියදා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාර(මෙහෙයුම් ) වී.එස් .පොල්වත්තගේ මහතා විශ්‍රාම ලබුවේය.
එවකට දුම්රිය දෙපාර්තුමේත්තුවට උප නියාමකවරයකු ලෙස සේවයට බැදුණු පොල්වත්තගේ මහතා දුම්රිය නියාමක ශ්‍රේණියේ විශේෂ පංතියට උසස් වීමක් ලැබීමෙන් පසු සහකාර ප්‍රවාහන අධිකාරී විභාගය සමත්වි නියෝජ්‍ය ප්‍රවාහන අධිකාරී තනතුරට පත්විය. එතැනින් නොනැවතුන පොල්වත්තගේ මහතා නියෝජ්‍ය වාණිජ අධිකාරි ,නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී තනතුර හෙබවුවේය. ඉන් අතතුරුව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෙවැනියා ලෙසින් කටයුතු කළ ඒ මහතා හොද ක්‍රීඩකයකු ලෙසින්ද දුම්රිය දෙපාර්තුමේන්තුවේ කටයුතු කළේය.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ලොකු පොඩි කාටත් එකසේ සැලකු පොල්වත්තගේ මහතා විශ්‍රාම යාම දුම්රියට විශාල පාඩුවකි. ම්න්ද සියල්ල දත් පුද්ගලයා ලෙසින් ඉතා ක්‍රියාශීලීව කටයුතු කිරීම නිසා දුම්රියේ බොහෝ ගැටළු වලට ක්ෂණ විසදුම් ලබා දීමට සමත්වුයේය.
ඹහුගේ විශ්‍රාම යාම වෙනුවෙන් පැවැති උත්සවයේදී දුම්රිය නිලධාරීන් බොහොමයක් ත්‍යාග ලබා දී පොල්වත්තයන්ගේ විශ්‍රාම දිවියට සුභ පැතුහ