ලංකා විදුලි බල මණ්ඩලයේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් මහතා කඩුවෙල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස පත් කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ ඔහුගේ නම සදහන් කර ඇත.
ජයලාල් මහතාල පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් කඩුවෙල මහ නගර සභාවට තරග කලේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයටද තරග කරන ලද ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට අසමත් විය.
