නිමල් රාජපක්ෂ
“සවිබලයෙන් රට දිනන්න මත් රැහැණින් ඔබ මිදෙන්න.” යන තේමාව යටතේ 2025 වසරේ ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී කොඩි දිනය ජුනි 17 පෙර පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන හා පරිසර අංශය මගින් කටයුතු සංවිධානය කර ඇත.
. මෙයට සමගාමීව කොඩි පැළඳවීමේ සමාරම්භක කටයුතු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන්. හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස. මෙන්ම. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. සී.ඩී. කළුආරච්චි මහතාගේ සහභාගිත්වයෙන්. අමාත්‍යතුමාගේ කාර්යාලයේදී අද සිදු කරන ලදී.
මෙම අවස්ථාවට. ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් සමීර අල්විස් මහතා නියෝජ්‍ය ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා මෙන්ම සමාජ සංවර්ධන හා පරිසර අංශයේ අධ්‍යක්ෂක. රංජිත් ද සිල්වා මහතා සමාජ. සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ. කළමනාකරුවන් වන. රීටා ඉලේසිංහ මහත්මිය වජිරා ජයතිලක මහත්මීන්ද මාධ්‍ය නිලධාරී මහේෂ් ඉන්දුලාල් මහතාද සහභාගි වුහ.
