කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අලුයම් කාලයේදී වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.
වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව පොලීසිය සැකකරනු ලබයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
