වලපනේ ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින වලපනේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උස්ගොඩ ආරච්චිගේ ධම්මික නලීන් දේශප්‍රිය මහතා විවෘත ඡන්ද 34 කින් තේරී පත් වු අතර,ඒ සදහා තරග කල සමගි ජන බලවේගයේ ලක්ෂාන් රන්දික මහතා ඡනද් 29ක් ලබා ගත්හ.
එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් පොදු ජන එත්සත් පෙරමුණේ සුනිල් කුමාරසිංහ මහතා විවෘත ඡන්ද 34 කින් තේරි පත්වූ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමන් කුමාර දේශප්‍රිය මහතා ඡන්ද 29ක් ලබා ගත්හ.
ඡන්දය ප්‍රකාශ කිරිමේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියහ.
