Spread the love

කඳාන, පොදු වෙළඳපොළ ආසන්නයේදී මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට අද (03) උදෑසන වෙඩි තැබීමේ සිද්ධියක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප කළ විමසීමකදී සඳහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ එය සිදුකළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පරීක්ෂණ පවත්වා ගෙන යයි.