නිමල් රාජපක්ෂ-
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි කන්දක පස් කොටසක් සෝදාගෙන දුම්රිය මාර්ගය වෙත පැමිණ දුම්රිය මාර්ගය අවහිරතාවයකට ලක්වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබේ.
මේ වන විට එම ස්ථානය වෙත දුම්රිය සේවකයන් එම අවහිරතාවය සිදුව ඇති ස්ථානය වෙත ගොස් පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසුව උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කඩුගමුව දුම්රිය ස්ථානය ආසන්නේ පස් කදු සෝදාගෙන දුම්රිය මාර්ගයට පැමිණි තෙවන අවස්ථාව මෙය වන අතර උඩරට දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබේ.
