AI තාක්ෂණයෙන් යුතු සිංහල – දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික .නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
මොරටුව විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් හා පෞද්ගලික අංශය සමග එක්වී එම මෘදුකාංගය සකස් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ.
ඉදිරි මාස 06 ක කාලය ඇතුළත එය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මුදා හැරීමට කටයුතු කරන බවද ඹහු පැවසුවේය..
මෙම නව මෘදුකාංගයෙන් සිංහලෙන් කතා කරන කරුණු තත්පර කිහිපයක් ඇතුළත දෙමළ බසටත්, දෙමළ බසින් කතා කරන දෑ තත්පර කිහිපයක් ඇතුළත සිංහල බසටත් පරිවර්තනය කිරීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
