Spread the love


නිමල් රාජපක්ෂ
හලාවත දුම්රිය ස්ථානයෙන් අළුයම 4.50 පානදුර බලා ධාවනයවු මුතුකුමාරී කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කල මගීන් 27 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් මගීන් අතර ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කොට ඒ මොහොතේ ඊ ටිකට් ඇනවුම් කල මගීන් බොහෝ දෙනෙකු එහිදී එසේ ඇනවුම් කල ඊ ටිකට් ස්කෑන් නොවු හෙයින් ඹවුන්ද කොටුකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් ප්‍රවේශපත්‍ර පරික්ෂාව රාගම දුම්රිය ස්ථානයේ සිට කැළණිය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය තුළ සිදුකල ඇත.
එහිදී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගෙන දෙවන පංතියේ සැප පහසුවට වාඩි වී ගමන් කල මගීන් මෙසේ කොටු කර ගෙන තිබේ.
දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් සිටගෙන ගමන් කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් අය අතර කාන්නාවන් 8 දෙනෙකු සිටි බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.

අත්අඩංගුවට ගත් මගිීන් 18 දෙනෙකුට ඒ මොහොතේම රුපියල් දඩ මුදලක් අයකර ගෙන ඇත. ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි මගීන් ඇපකර තබා ගොස් තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ උපදෙස් මත ,දුම්රිය ආරක්ෂක අධිකාර අනුර ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ , කොටුව මුලස්ථාන පරීක්ෂ සිසුල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පාලිත පුෂ්ප කුමාර මහතා ඇතුළු ආරක්ෂ සේවා ස්ථානවල නිලධාරීන් හා නිලධාරීණියන් 22 මෙම මෙහෙයුම සදහා සහභාගිවුහ.