නිමල් රාජපක්ෂ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු ශිෂ්‍යභට නිලධාරීන් පනස් නව දෙනෙකු (59) වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම, අද ( 12) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාව වෙත එක්වීම සඳහා අයදුම් කළ නවසියයකට (900) ආසන්න අයදුම්කරුවන් අතරින් නාවික හමුදාවට එක්වීම සඳහා අවස්ථාව හිමි කරගත් ශිෂ්‍යභට නිලධාරීන් පනස් නව දෙනා (59) වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංසන පිරිනමන බව පවසන ලදි.
ශිෂ්‍යභට නිලධාරීන් සඳහා අභිප්‍රේරණාත්මක දේශනයක් පවත්වමින් ඔවුන්ගේ නාවික දිවියේ ඉදිරි ගමන පිළිබඳව දැනුවත් කළේය. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇති සුවිශේෂි වගකීම පැහැදිළි කළ නාවික හමුදාධිපති, එම වගකීම මව්බිම වෙනුවෙන් කාර්යක්ෂමව හා ඵලදායිව ඉටුකිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා මඟ පෙන්වීම නාවික හමුදාවේ ප්රමුඛ පුහුණු ආයතන වෙතින් ඉදිරියේදී ලබාදෙන බවත්, දේශීයව සහ විදේශීයව ලැබෙන පුහුණු අවස්ථා තුලින් වෘත්තීය නිපුණත්වය ලඟාකර ගනිමින් පුහුණු අභියෝගය ජය ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.
එමෙන්ම, තරුණ දූපුතුන් නාවික හමුදාවට එක්වීම සඳහා දිරිමත් කල ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත ප්‍රණාමය පුදකරන ලදි.
තවද, මෙම පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න ඇතුළු අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන් සහ නව පත්වීම් ලද ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
