Spread the love

නිමල් රාජපක්ෂ .

ආසන පටි පැළඳීම පිළිබඳ නීතිය යළි බලාත්මක කිරීම හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් රථවාහන රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්.) සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිටවීමේ දොරටුව අසළ දී අද සිදු කෙරිණ.

. එහිදී දැනුම්වත් කිරීම සඳහා මුද්‍රිත පත්‍රිකා බෙදාදීම සිදුවූ අතර, මෙම වැඩසටහන සම්බන්ධයෙන් රියැදුරන් සහ මගී ජනතාව සිය ප්‍රසාදය පළකර සිටියහ. ආරක්‍ෂිත ගමනාගමනයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන, අධිවේගී මාර්ග පද්ධතිය භාවිතා කරමින් මෙරට සංචාරය කළ විදේශීය සංචාරකයින්ගේ විශේෂ ඇගයීමට ලක්විය.

දෛනිකව සිදුවන මාරාන්තික සහ මාරාන්තික නොවන මාර්ග අනතුරු අඩු කිරීමේ වැඩසටහනේ එක් අදියරක් වශයෙන් වාහන ආසන පටි භාවිතය පිළිබඳ රියැදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම සිදුකෙරේ.