Spread the love


නිමල් රාජපක්ෂ

අදට යෙදී ඇති ( 15) ඉන්දියාවේ 79වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව 1987 – 1990 කාලය තුළ සටන් කළ ඉන්දීය සාම සාධක හමුදා ( IPKF) රණවිරුවන් සිහිපත් කරමින් සැමරුම් වැඩසටහනක් අද පලාලි හි පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අබියසදී සිදු කරන ලදී.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සම්බන්ධතාවයෙන් මෙම උත්සවය සංවිධානය කල අතර යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා සහ ආරක්ෂක සේනා මූලස්ථාන (යාපනය) ආඥාපති මේජර් ජෙනරල් රසික කුමාර, මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීය.

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.