නිමල් රාජපක්ෂ
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ඊයේ( 14.) විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ප්‍රධාන ශාලාවේදී ආරම්භ කෙරිණ
මූලිකව කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යංශ,දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් 68 දෙනෙකු සඳහා කන්ඩායම් දෙකක් යටතේ පාඨමාලාව ලබාදීමට සැලසුම් කර තිබෙයි. විශේෂයෙන් පුහුණුව ලබාදීමේන් පසු මහජනතාවට ඵලදායී සේවාවක් ලබාදිය හැකි, කෙටි කාලයක් තුල ස්ථාන මාරුවීම් අපේක්ෂා නොකරන, මහජනතාව සමඟ ඝෘජුව ගනුදෙනු කරන පාඨමාලාව හැදෑරීමට අවශ්‍යයැයි හඳුනාගන්නා නිළධාරීන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිතයි.
සම්පූර්ණ පාඨමාලා කාලය දින 24ක් පුරා පැය 60ක කාලයක් වනවා. න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලවක් වන මෙය 2026 වසරේ මුළු දිවයිනම ආවරණය වන ලෙස දිස්ත්‍රික්ක 25ට පාඨමාලා 25ක් පැවැත්වීමට නියමිත අතර කන්ඩායමකට නිළධාරීන් 25 බැගින් නිළධාරීන් 625 දෙනෙකුට නොමිලේ අවස්තාව ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම අවථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කලේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නිර්බාධිත සමාජ ජීවිතයක්, යුක්තිසහගත සම ප්‍රවේශයක් පරිච්ඡේදයේ සඳහන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ද රටේ අනෙකුත් පුරවැසියන් හා සමානව ජීවත්වීමට ඇති අයිතිවාසිකම තහවුරු කිරීමේදී රාජ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ඉතාමත් වැදගත් බවයි.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරෙක ලේකම් ( සමාජ ආරක්ෂණ ) හේමා පෙරේරා මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලි වික්‍රම ආරච්චි මහත්මිය සහ පාඨමාලා ලාභී රාජ්‍ය නිළධාරීන් එක්ව සිටියහ.
