වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී ඊයේ (15) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් අත්අඩංගුවට ගනෙ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් කුලී පදනම මත ලබා ගත් නිවසක කාමරයක් තුළසඟවා තිබියදීයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි
