Spread the love

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද ලුනු කන්ටේනර් 400ට අධික ප්‍රමාණය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ, රේගු මධ්‍ය ප්‍රකාශක සීවලී අරැක්ගොඩ මහතා පවසයි.

නියමිත දිනවලට අනුකූල නොවන ආකාරයට නීති විරෝධී ලෙස එම සීමාවලින් ඔබ්බට ගොස් මෙම ලුනු කන්ටේනර් ගෙනවිත් ඇති බවත් ඒවාට අතිරේක ගාස්තු ගෙවමින් මේ වන විට ලුනු ආනයනයකරුවන් කටයුතු කරමින් සිටින බවත් ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතුද එම ආනයනකරුවන්ටම පැවරීමට කටයුතු කර ඇති බවත් රේගු අතිරේක අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසනවා.