මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ, හැටන් නුවරඑළිය, යන ප්‍රධාන මාර්ග ඇතුළු තවත් මාර්ග කිපයකම විටින් විට මාර්ග නොපෙනි යන ආකාරයෙන් දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.
මෙම ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත පවතින මීදුම් තත්වයන්ට අමතරව මාර්ග ලිස්සන සුලු තත්වයන්ටද පත්ව ඇති බවත් මෙම තත්වයන් මත මෙකි මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බැවින් මෙකි මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කර විමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
