නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරුණා.
සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමර්ග සහ ශ්‍රී ලංකාවේ දිළිඳුබව තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳව අගය කළ තානාපතිතුමිය ඉදිරියේදී අඛන්ඩව රජයේ වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ද සඳහන් කළා.
සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවත් ඉන්දුනීසියාවත් අතර ඇති රාජතාන්ත්‍රික සබඳතවන්හි වැදගත්කම පෙන්වා දුන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සහ සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳව තානාපතිතුමිය දැනුම්වත් කළා.
ඉන්දුනීසියානු ජනරජයේ 80 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගිවීමට ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාට ඇරයුම් කිරීමද එහිදී සිදුවිය. මෙම අවස්තාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ දේශපාලන සම්බන්ධීකාරක Laial K. Unniarti මහත්මිය ද එක්ව සිටියාය.
