Spread the love

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සදහා ඔහුගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එහි ගොස් ඇත.

එහිදී තම ස්වාමියා සමග අදහස් අදහස් හුවමාරුකින් පසු සිය නිවසට ගොස් ඇති ඇය තවදුරටත් කම්පනයෙන් පසුවන බව වාර්තා වෙයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ද ඇය කනස්සල්ල පළකර ඇති අතර ඇය මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ කිරීමෙන් වැළකී සිටී.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කාලයක් තිස්සේ පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවන අතර දිනපතා ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටී.