Spread the love


නිමල් රාජපක්ෂ

මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දමින් පිසු ආහාර හා නොපිසු ආහාර ගබඩා කර තිබු පොල්ගහවෙල නගරයේ සුප්‍රසිද්ධ අවන්හලක් පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක වරු කොටු කරගෙන තිබේ.


සනීපාරක්ෂාවට අහිතකර අන්දම්න් ආහාර සක්ස්කරන ස්ථානය පවත්වාගෙනයාම මනුස්ස පරිහෝජනයට අහිතකර අන්දම්න් පිසු ආහර සමග නොපිසු මස් මාලු ගබඩාකර තැබ්මට වරද පිලිගත් පොල්ගහවෙල නගරයේ කොළඹ පාරේ ප්‍රසිද්ධ අවන්හලේ හිම්කරුට රුපියල් 20000ක දඩයක් පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා නියම කරන ලදි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ උපදෙස් මත ආහාර සකස්කරන ස්ථානය නිවැරැදි කරන ලෙසටද දන්වන ලදි.


පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා ව්සින් නඩුව ගොනුකර තිබු අතර ස්ථානිය පරීක්ෂාව පොල්ගහවෙල මහජන පරික්ෂක නිශාන්ත සෝමරත්න මහතා සමග පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පොතුහැර මහජන සෞඛ්‍ය පරික්ෂක B M බාලසූරිය හා වදාකඩ මහජන සෞඛ්‍ය පරික්ෂක සංජය ගුණතිලක රත්මල්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකජයසූරිය යන මහත්වරුන් මෙම වැටලීම සිදු කළහ.