අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.
ඔහු මේ වන විට සිංගප්පූරු ජාතිකයෙකු ලෙස නමද වෙනස් කරගෙන එහි ජීවත්වන බවත් අත්අඩංගුවට ගැනීමට ඒ රටේ නීති රීති බාධාවක් වී ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උපාය උපක්‍රම භාවිතා කරමින් සිටින බවද කී ඔහු මේ වන විටත් ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයෙකු බව සිංගප්පූරුවට දැනුම් දී ඇති බවද පැවසීය.
