Spread the love

තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුර සම්බන්ධයෙන්  බස් රථයේ රියදුරු බව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී 411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (10) දහවල්පෙරළී ගොස් අනතුර සිදුවිය.

අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කෙරුණු අතර අනතුරින් 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් මියගොස් තිබිණ.

තඹුත්තේගම පොලීසිය මෙ​ම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි