Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණික තත්ත්වයත් සමගින් අත්තනගලු ඹය පිටාර ගලා යක්කල මහවිට නුවර පාර ඇතුලු ප්‍රදේශ ගනනාවක් ජලයෙන් යටවිය. .

ඒ අනුව අද දින යක්කල මහ විට ප්‍රදේශයෙන් එහි ජලය කොළඹ – නුවර මහා මාර්ගය හරහා මහා ජලගඟක් ගලා යාම නිසා රථ වාහන ගමනා ගමනයට විශාල බාධාවක් පැමිණියේය. එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිරවු අතර පොලිසිය මැදිහත්ව එම මාර්ගයේ රථ වාහන එක් මං තීරුවක ධාවනය කිරීමටයි කටයුතු සලස්වනු ලැබිය. තවදුරටත් ජලය මාර්ගය හරහා ගලා ගියහොත් රථවාහන ගමන් කිරීමට බාධා එල්ල විය හැකියි. එසේම මන්තීරු වෙන් කරන බාධකය කඩා ඉවත් කර ජලය කඩිනමින් බැස යාමට පොලිසිය පියවර ගැනිණ.

වීඩියෝව නරඹන්න