Spread the love

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ ලොරි රථයක්සි මෝටර් රථ දෙකක ගැටී සිදු වු අනතුරකින් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් 5 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව බම්බලපිටිය පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක ගැටී තිබෙන බවත් පසුව ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබූ බවත්ය.