Spread the love

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සිදුවූ නිවාස හානි සංඛ්‍යාව 6,164ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම මෙම ආපදා තත්ත්වයෙන් තවත් නිවාස 112,110ක් අර්ධ හානියට ලක්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම නිවාස හානි අතුරින් පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2,013ක් ආපදාවෙන් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව තිබේ.

දෙවැනියට වැඩිම පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවස 767ක් පූර්ණ හානියට පත්වඇත.

අර්ධ හානි නිවාස වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 21,137ක් අර්ධ හානියට ලක්ව තවත් නිවාස 632ක් පූර්ණ හානියත් පත්න ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 596ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 587, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 265ක්,  ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 256ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 247ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 245ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 157ක්, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 111ක් පූර්ණ වශයෙන් හානි වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයේ  නිවාස 14,562ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,517ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 8,825ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 8,540ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 7,934ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 4,817ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 4,433ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 4,124ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 4,121ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 3,773ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 3,746ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 3,058ක් ආදී ලෙස වැඩිම නිවාස හානි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්වෙයි