මහියංගනය ප්‍රදේශයේ පිහිටි ලංකා පිඟන් සංස්ථාවට (Ceylon Ceramic Corporation) අයත් අක්කර 96ක භූමිය කර්මාන්ත හා වෙළඳ පුරවරයක් ලෙස සංවර්ධනය කර ප්‍රදේශයේ ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීමට අමාත්‍යවරයා අද (10) දින එම කර්මාන්තශාලා පරිශ්‍රයේ සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණි.
මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
මෙම වටිනා භූමි සම්පත ප්‍රදේශයේ ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ එක්ව විධිමත් සංවර්ධන සැලැස්මක් (Master Plan) සකස් කිරීමට මෙහිදී අවධානයට ලක් විය.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික පියවරක් ලෙස, මහියංගනය ප්‍රදේශවාසීන්ගේ පහසුව උදෙසා සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වන නවීන මහජන පොළක් ඉදිකිරීම සඳහා සංස්ථා භූමියෙන් අක්කර තුනක ප්‍රමාණයක් වෙන් කිරීමට කටයුතු කෙරේ. එසේම, වසර 30කට ආසන්න කාලයක් තිස්සේ මෙම භූමියේ පදිංචිව සිටින ජනතාව මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු කඩිනමින් පවරා දීමට ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙයට අමතරව, භූමියේ පවතින මැටි නිධිවල වටිනාකම පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා මාසයක් ඇතුළත විද්‍යාත්මක වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.
