නිමල් රාජපක්ෂ
සෑම වසරකම මාර්තු පළමුවනදාට (01) යෙදෙන ජාත්‍යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රත්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අද (01) දින පෙරවරුවේ ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට සංචලතාවය, ස්වාධීනත්වය, ගෞරවය හා අන්තර්කරණය සක්‍රීය කිරීමේදී රෝද පුටුව ලබාදෙන වැදගත්කම කියාපෑම උදෙසා ජාත්‍යන්තර රෝද පුටු දිනය නම් කර, 2008 වර්ෂයේ බ්‍රිතාන්‍ය ජාතික උද්යෝගිමත් උපදේශකවරයෙක් වන දිවංගත ස්ටීව් විල්කින්සන් මහතා ජාත්‍යන්තර රෝද පුටු දිනය ආරම්භකර ඇත.
“සංචලතාව බලගැන්වීම – සැමට ඇතුළත්වූ අනාගතයක් ගොඩනැගීම” යන්න මෙවර එහි තේමාවයි. රාගම රත්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේදී පැවැති සැමරුම් උත්සවයේදී ජපානයේ සකුරා ආයතන්යෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු රෝද පුටු ආබාධ සහිත පුද්ගලයන් සඳහා සංඛේතවත්ව ප්‍රධානය කෙරිණි.
2026 අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 250ක වියදමින් ආරම්භ කිරීමට යෝජිත රෝද පුටු නිෂ්පාදන හා අළුත්වැඩියා මධ්‍යස්ථානයට අදාල භූමිය පරික්ෂා කිරීම හා රොහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍ය උපාලි පන්නිල මහතා ඇතුළු පිරිස එක්විය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසුවේ එක්ව අත්නොහැර අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් වර්ථමාන රජය “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවරාගත් වගකීම නිසි ලෙස ඉටුකරමින් සිටින බවයි. එමෙන්ම අබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ අයිතිය තහවුරු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ප්රමුඛ කාර්යක් ලෙස හඳුනාගනිමින් ඒ සඳහා යුහුසුලුව කටයුතු කරණ බවද ඒ මහතා වැඩිදුරටත් ප්රකාශකළා. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන් සඳහාම ප්‍රවේශ පහසුකම් සහිත සුව පහසු බස් රථ 10ක් හඳුනාගත් මාර්ග කිහිපයක යෙදවීමට සහ ඊට අදාල යටිතල පහසුකම් දියුණු කිරීමටද සැලසුම් කර ඇති බව අවධාරණය කළා.
