වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාර්ක්ෂාව සහ සුබසාධන සහාය සඳහා ප්‍රවේශය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම මෙන්ම රෝග ව්‍යාප්තිය වැලැක්වීම සහ සහන කඳවුරු සුදුසු තත්වයන් යටතේ පවත්වාගෙන යාම සඳහා අධීක්ෂණය සහ උපදෙස් ලබාදීම වෙනුවෙන් Rebuilding Sri Lanka කාර්යසාධක බලකාය යටතේ පිහිටුවා ඇති සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ අනු කමිටුව ඊයේ (19) පස්වරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් තාක්ෂණය ඔස්සේ පැවැත්වුනා.
එහිදී කමිටුවට අදාල එක් එක් අමාත්‍යාංශය මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය සඳහා වන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.
ඒ අනූව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරකෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යන ආයතන හා අමාත්‍යාංශයන් මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කරන ලදි.
විශේෂයෙන් ආපදාවට පත් ජනතාව හා දේපල හානි පිළිබඳව නිවැරදි දත්ත රැස්කිරීමත්, නිරන්තර පසුවිපරම් කිරිමත් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණුනි.
