Spread the love

මාතර -නුවන්

පොලිස් බාලදක්ෂ අංශය නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ දී පසුගියදා සිදුකෙරිණි.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ සංකල්පයක් අනුව මෙම අංශය ස්ථාපිත කරනු ලැබිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා,ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, සහය ප්‍රධාන කොමසාරිස්වරුන් වන චන්ද්‍රානි ප්‍රනාන්දු, දේශාන් මිලින්ද , සම්පත් කාරියවසම් සහ පුහුණු අධ්‍යක්ෂක වරුන් වන ඉන්ද්‍රජිත් රාමනායක සහ තිලක්මන් පත්මසිරි යන මහත්ම මහත්මින් සහභාගිවිය.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, සහයක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද , පුහුණු හා උසස් පුහුණු, පොලිස් බාලදක්ෂ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ සමඟ පොලිස් බාලදක්ෂ කටයුතු ඇරඹීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වී සිටියහ.