Spread the love

පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය සහ නියාමනය පිළිබඳ බලතල දරනුයේ පළාත් සභා යටතේ සථාපිත පළාත් පෙර පාසල් ඒකක වන අතර ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නියාමනය කරනු ලබයි.
පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය වුවද එවැනි මධ්‍යස්ථාන ලියාපදිංචියකින් තොරව වෙනත් අධ්‍යාපන ආයතන සහ වෙනත් ව්‍යාපාර සමඟ පවත්වාගෙන යනු ලබන බැවින් එම ආයතන නියාමන ක්‍රියාවලිය මේ වන විට සංකීර්ණ වී ඇත.
මෑත කාලීනව වාර්තා වූ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළ දරුවන් අනතුරට සහ අනාරක්ෂිත බවට පත්වූ අවස්ථා ද සැළකිල්ළට ගනිමින් තිබෙන නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව සහ අකුරට ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පවතින බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් පෙන්වා දෙනු ලැබීය.
පසුගිය දා මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ පැවති හමුවක දී මෙම සාකච්ඡාව සිදුවිය.
ඒ අනුව, පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පවතින ප්‍රමිතීන් සහ යෝජිත ප්‍රමිතීන් පිළිබඳ පෙර පාසල් හිමිකරුවන්, පාලිකාවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම සහ මාර්ගගත ලියාපදිංචි කිරීමේ දොරටුව (Online Registration Portal) ක් මගින් පහසු සහ කාර්යකෂම ලියාපදිංචි ක්‍රමවේදයක් හඳුන්වා දීම ඊට සමගාමීව සිදු කළ යුත බවද අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම සාකච්ඡාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලුෂිකා ධනසේකර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.