Spread the love

.ල් රාජපක්ෂ

රුසියාවේ කසාන් නගරයේ පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි විය.මෙම

මෙම සමුළුවට සමගාමීව දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් තාක්ෂණික අංශයේ දායකත්වය ලබාදීම සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.

මෙම අවස්ථාවට රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩිමිත්‍රි ස්වෙරෙව් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා එක්වූ