Spread the love

නිමල් රාජපක්ෂ –

ක්වාලාම්පුර සිට OD 297 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණී චීන ජාතිකයින් 14 දෙනෙකුගේ ගමන් මළු වල සගවා තිබු රුපියල් මිලියන 20.73 ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් ගුවන් තොටුපල රේගු නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත.


මෙහිදි අදාල චින ජාතිකයින්ගේ ගමන් මළු 14 ක් තුළ ඉතා සුක්ෂම ලෙස සගවා තිබු විදේශීය සිගරැට් කාටුන් 691 ක් , (සිගරැට් 138200)තිබු බව රේගු නිලධාරීන් පවසයි.


අත්අඩංගුවට ගත් සිගරැට් තොගය රාජසන්තක කර ඇති අතර රේගු නිලධාරීන් සිද්ධිය පිළිබද වැඩි දුර විමර්ශන සිදු කරයි.