Spread the love

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත.

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවැනි පුන් පොහෝ දිනයකදීයි

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් බැතියෙන්  යුතුව සමරනු ලබයි.

තිලෝගුරු බුදුන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වන්නේ ප්‍රඥාව හා කරුණාවයි.අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදී උන් වහන්සේ උපත ලැබීය.

බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.