Spread the love

නිමල් රාජපක්ෂ –

අදට (30) යෙදුණු වෙසක් පොහොය දිනය නිමිත්තෙන්, කොළඹ ප්‍රදේශයේ ඉදිකරන ලද තොරණ් ද්විත්වයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

බොරැල්ල මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් ඉදිකරන ලද ‘සම්බුලා ජාතකය’ ඇතුළත් තොරණ ද අග්‍රාමාත්‍යතුමිය අතින් විවෘත කළ අතර අනතුරුව ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ ඉදිකරන ලද ‘සමුද්‍ර වාණිජ’ ජාතක කථාව රැගත් තොරණ, අග්‍රාමාත්‍යතුමිය විසින් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා ආලෝකකරණය කර විවෘත කළාය.

මේ අවස්ථාවට මහාසංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නජිත් ඉන්දික, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන්, මැගසින් එක්සත් වෙළඳ සංගමයේ සභාපති පාලිත හේරත් ඇතුළු වෙළඳ සංගම් සභාපතිවරුන්, සාමාජිකයින්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.