නිමල් රාජපක්ෂ–
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ලේඛක ලේඛිකාවන්ගේ හා නවක කිවිදියන්ගේ රචිත නවක ග්රන්ථ දෙකක් එළිදැක්විමේ අවස්ථාව කොළඹ ජාතික පුස්තකාලයේදී උත්කර්ෂවත් අයුරින් ඊයේ (02) පැවැත්විණි.
සාහිත්‍ය, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්, ලේඛකයන්, කලාකරුවන් සහ පාඨකයන්ගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව පැවැත්වුණි.
උත්සවයේදී එළිදැක්වූ මිදුදැහැනේ දැවටුනු මල් , පද දම්වැල් යන ග්රන්ථ දෙකහි අන්තර්ගතය, ඒවායේ සමාජීය හා ශාස්ත්‍රීය වටිනාකම පිළිබඳව ආරාධිත දේශකයන් අදහස් පළ කළ අතර, නව පරපුරේ පාඨකයන් අතර කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළහ.
ග්රන්ථ කතුවරුන් සිය නිර්මාණ බිහි වූ ආකාරය හා එහි පසුබිම පිළිබඳව අදහස් දක්වමින්, තම කෘති පාඨකයන් වෙත සමීප කරවීමට ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කළහ.
මෙම ග්රන්ථ එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්රයට නව දායකත්වයක් එක් කරන අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ජාතික පුස්තකාලය දැනුම හා සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා ඉටු කරන කාර්යභාරය යළිත් තහවුරු කළ අවස්ථාවක් ලෙසද විචාරකයන්ගේ අවධානයට ලක්විය.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
