නිමල් රාජපක්ෂ –
පුත්තලම තබ්බෝව මාඔය අවට සිදු කල වැටලීමකදි මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් එ්කකයේ නිලධාරීන් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.
සුරාබදු නිලධාරීන් දැඩි වෙහෙසක් දරා මාඹය හරහා ගමන් කොට මෙම මත්පැන් නිෂ්පාදනාගාරය කොටු කර ගත් අතර අත්අඩංගුවට ගත් මත්පැන් බැරල් මාඹය හරහා ගොඩ බිමට රැගෙන ඒමට සිදු වු බවත් සුරාබදු නිලධාරීහු පැවසුහ.
අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබි ගෝඩා මිලි 140000 ක්, කසිප්පු මිලි 22500 ක් ,බැරල් 20 කට ආසන්න සංඛ්‍යාවක් හා දගර සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
මෙහිදි අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සමගින් සැකකරුවන් ඉදිරියේදි පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරියේදි ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී. එන් .ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ ගේ අධික්ෂණයෙන් , දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන් .හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන්, දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක , සුරාබදු පරීක්ෂක ධම්මික හතුරුසිංහ, සුරාබදු මහ සැරයන් රවී පෙරේරා, සුරාබදු කෝප්රල් 669 රත්නායක, සුරාබදු නියාමක වරුන් වන 1197 හසිත, 1198 පැතුම්, සුරාබදු රියදුරු දනුෂ්ක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
