නිමල් රාජපක්ෂ
මාවනැල්ල අරනායක යන ප්‍රදේශවල සිද කළ සෝදිසි මෙහෙයුමකදි බදු නොගෙවමින් පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදනය කරන ස්ථාන දෙකක් වටලා බීඩි හා තෙන්ඩු කොළ තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු දිපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගවට ගත් බීඩි තොගයේ බීඩි ලක්ෂ පහළොවක් හා තෙන්ඩු කොල කිලෝ 110 ක් තිබු බව සුරාබදු නිලධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට දඩුවම් පැමිණ වීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල්එම්.බී.එන්. ඒ පේමරත්න මහතාගේ අපදෙස් මත, නියෝග පරිදි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ අධික්ෂණයෙන් ,දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන්, දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක,සුරාබදු කෝප්‍රල්වරුන්වන 947 සිල්වා, 1058 උදාර, 1062 බුද්ධික සහ සුරාබදු රියදුරු හරිස්චන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
