Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් දියත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් අද අලුයම ආරම්භ කරන ලද මෙම මෙහෙයුමේදී මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන එක් සැකකරුවෙකු (01) සහ යාත්‍රාවක් පසුව අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් නීති විරෝධී භාණ්ඩ සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.