Spread the love

නිමල් රාජපක්ෂ-

උඩරට මාර්ගයේ ඉහළ කොට්ටේ සහ කඩිගමුව දුම්රිය පීලි පැනීම යථාවත් කර  දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පවසයි.

අද උදෑසන පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.4.40 ට  කොළඹ කොටුව දක්වා ධාවනය කල අංක 1038 දරණ දුම්රිය, ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 56 දම්වැල් 35 ස්ථානයේදී පෙ.ව. 5.30 ට පීලි පැනීමට ලක්විය.

එම ස්ථානයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබු පස් සහ ගල් තට්ටුවක් මාර්ගය මතට කඩා වැටි පැමිණෙමින් තිබු දුම්රිය එම බාදකයේ ගැටීම නිසා මෙම පීලි පැනීම සිදුව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින්, එම අංක 1038 දුම්රිය පීලි ගත කර දුම්රිය මාර්ගය මේ වනවිට දුම්රිය ධාවනයට සුදුසු තත්වයට පත්කර ඇත. ඒ අනුව පහත සඳහන් කාර්යාල දුම්රියන් අද දින සවස  කොළඹ කොටුවෙන් ධාවනය ආරම්භ කර ගම්පොල සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන දක්වා මේ වනවිට ධාවනය කෙරෙමින් පවතී.

  1. අංක 1035 දුම්රිය – කොළඹ කොටුව / ගම්පොල – කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 04.35
  2. අංක 1037 දුම්රිය – කොළඹ කොටුව / පේරාදෙණිය  – කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 05.15

හෙට දින (2026/10/06 ) උදෑසන සාමාන්‍ය ධාවන කාල සටහනට අනුව ගම්පොල සහ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රිය සහ නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය ධාවනය කරන අතර කොළඹ කොටුව සිට ගම්පොල දක්වා පොඩි මැණිකේ දුම්රිය ද ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.