නිමල් රාජපක්ෂ-
වාරියපොළ කාර්මික විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය සඳහා නව පරිගණක 50ක ඉල්ලිම පිලිබදව, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය තුමාගේ අවදානය.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අනුරාධපුර සහ තඹුත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවලින් අනතුරුව, කොළඹ බලා පැමිණෙන අතරතුර වාරියපොළ කාර්මික විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
එහිදී විද්‍යාලයේ වර්තමාන තත්ත්වය, අධ්‍යාපන හා පුහුණු කටයුතු, යටිතල පහසුකම් සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සොයා බැලූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විද්‍යාලයේ පවතින අවශ්‍යතා පිළිබඳව ද අවධානය යොමු කළේය.
1982 වසරේ අනුබද්ධ කාර්මික ඒකකයක් ලෙස ආරම්භ කර ඇති මෙම ආයතනය 2001 වසරේදී කාර්මික විද්‍යාලයක් බවට පත්ව තිබේ. වසර 44ක ඉතිහාසයක් සහිත මෙම විද්‍යාලය මේ වන විට සාර්ථක පුහුණු ප්‍රතිඵල අත්කර ගනිමින් පාඨමාලා 15ක් ක්‍රියාත්මක කරයි.
වර්තමානයේ සිසුන් 531 දෙනෙකු අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලය 08 දෙනෙකුගෙන් ද, බාහිර අධ්‍යයන කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලය 34 දෙනෙකුගෙන් ද සමන්විත වේ.
විශේෂයෙන්ම ඉහළ ශිෂ්‍ය ඉල්ලුමක් පවතින වෘත්තීය සූපවේදී සහ මෝටර් රථ කාර්මික ශිල්පී පාඨමාලා සඳහා ශිෂ්‍ය කණ්ඩායම් දෙක බැගින් පවත්වාගෙන යාම ද විශේෂත්වයකි.
එමෙන්ම, වසර 44කට පසුව රුපියල් මිලියන 7.5ක ආයෝජනයක් යටතේ විද්‍යාලයේ පැරණි කාර්යාල ගොඩනැගිල්ල පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.
මෝටර් වාහන කාර්මික ශිල්පය, ත්‍රීරෝද රථ හා යතුරුපැදි අලුත්වැඩියාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පරිගණක චිත්‍රකරණය, පරිගණක දෘඩාංග, වෘත්තීය සූපවේදය, ආහාර හා පාන සහකාර පුහුණුව, ජලනල කාර්මික ශිල්පය, වායු හා චාප පෑස්සුම්, කර්මාන්ත හා ගෘහස්ථ විදුලි කාර්මික ශිල්පය, ඇඳුම් මැසීම, වෘත්තීය ගිණුම්කරණය සහ වෘත්තීය ඉංග්‍රීසි ඇතුළු පාඨමාලා රැසක් මෙහිදී ක්‍රියාත්මක වේ.
මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ දැනට භාවිත කරන පැරණි පරිගණක වෙනුවට නව පරිගණක 50ක් ලබා දෙන ලෙස විදුහල්පති තුමා ඉල්ලිමක්ද කලේය.ඒ පිලිබදව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නවීන තාක්ෂණික දැනුම සහ රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය නිපුණතා ලබාදීම සඳහා පවතින කාර්මික විද්‍යාල තවදුරටත් ශක්තිමත් කිරීමත්, ඒවායේ භෞතික හා මානව සම්පත් පහසුකම් වැඩිදියුණු කිරීමත් රජයේ වෘත්තීය අධ්‍යාපන සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි.
විද්‍යාලයේ විදුහල්පති අයි.එන්.එන්.බී. රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
