නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් ඔසවා තැබීමේ අරමුණින් HSBC සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් කරන Ceylon Literary & Arts Festival – CLAF උළෙල 2027 ජනවාරි 22 සිට 24 දක්වා කොළඹ Cinnamon Lakeside හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආකර්ෂණීය බලපෑම හෙවත් ‘Soft Power’ ඉහළ නැංවීම සහ මෙරට නිර්මාණශීලී ප්‍රතිරූපය ගොඩනැංවීම මෙවර උළෙලේ ප්‍රධානතම ඉලක්කය වේ. දෙස් විදෙස් සාහිත්‍යධරයන්ගේ සහභාගීත්වයෙන් සංවාද සැසි 15කට අධික සංඛ්‍යාවක් ඔස්සේ කථිකයන් 30කට වැඩි පිරිසක් මෙවර එකම වේදිකාවකට එක්වෙති.
Ikigai (ඉකිගායි) කෘතියෙන් ලොව පුරා ප්‍රකට වූ ග්රැන්සෙස්ක් මිරාල්ස්, ශ්‍රීමන් ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත්, New York Times හි වැඩියෙන්ම අලෙවි වන කෘති ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් කිවිඳියක වන නිකිතා ගිල්, ජාත්‍යන්තර Booker සම්මාන විනිශ්චය මණ්ඩල සාමාජිකා නිලංජනා එස්. රෝයි සහ Nebula සම්මානලාභී චන්ද්‍රසේකර යන ලේඛක ලේඛිකාවෝ මේ වන විටත් උළෙල සඳහා සිය සහභාගීත්වය තහවුරු කර තිබේ. බේරේ වැව ඉවුර අසබඩ පැවැත්වෙන බැවින් මෙම උළෙල ‘Festival on Beira’ යන නාමයෙන් ද හැඳින්වේ.
මෙම සංස්කෘතික ආකර්ෂණය සහ බලපෑම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි Ceylon Literary & Arts Festival – CLAF දක්වන විශේෂ අවධානය මත පදනම්ව, සාහිත්‍යය, දෘශ්‍ය කලාව, සංගීතය සහ සිනමාව ඔස්සේ මෙරට නිර්මාණශීලී සංස්කෘතිය පෝෂණය කිරීමට උළෙල කටයුතු කරයි. සිය පළමු අදියරේ සමාරම්භක සැසිය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේදී පවත්වමින් සංකේතාත්මකව තහවුරු කළ පරිදි තරුණ ප්‍රජාව කෙරෙහි යොමු කරන අවධානය මගින් මෙම මෙහෙවර තවදුරටත් ශක්තිමත් වේ.
මෙරට තරුණ පිරිස් විදේශගත වීමේ ප්‍රවණතාවක් හෙවත් බුද්ධි ගලනයක් පවතින සමයක ආරම්භ කෙරුණු මෙම උළෙලේ එක් ප්‍රධාන අරමුණක් වූයේ එම තත්ත්වය ආපසු හැරවීමට දායක වීමයි. තරුණ පරපුර සමඟ සක්‍රීයව සම්බන්ධ වීම සිය ප්‍රධානතම පදනම ලෙස උළෙල සලකයි. උළෙලට සමගාමීව ක්‍රියාත්මක වන Future Writers වැඩසටහන මගින් මේ වන විට Gratiaen ත්‍යාගලාභියෙකු බිහි කර තිබේ. Future Writers වැඩසටහන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිය පළමු උත්සාහයෙන්ම Gratiaen ත්‍යාගය දිනා ගැනීමට සචින් එදිරිසිංහ සමත් විය.
Ceylon Literary & Arts Festival – CLAF හි නිර්මාතෘ වීර් සිං මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකාවේ ‘Soft Power’ හෙවත් සංස්කෘතික බලපෑම වර්ධනය කිරීම කේන්ද්‍ර කරගනිමින්, මෙරට කලා හා සංස්කෘතික ප්‍රවාහය ඉදිරියට ගෙන යන උපායමාර්ගික වේදිකාවක් ලෙස Ceylon Literary & Arts Festival ගොඩනගා තිබෙනවා. එහි සිව්වන අදියරේදී උළෙලේ ජාත්‍යන්තර ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින්, මෙය දකුණු ආසියාවේ වැදගත්ම උළෙලක් බවට පත් කිරීමේ අපගේ අරමුණ වෙත පියවර තැබීමට අපි සැලසුම් කර තිබෙනවා. සාහිත්‍යය, කලාව, සංගීතය සහ සිනමාව ඔස්සේ කතාන්දර සහ මිනිසුන් එකිනෙක හමුවන ගමනාන්තයක් ලෙසත්, සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම උළෙල යථාර්ථයක් බවට පත් කිරීම සඳහා HSBC සමඟ ප්‍රධාන වුල්කරුවෙකු ලෙස එක්වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා.”
මෙවර Ceylon Literary & Arts Festival – CLAF අදියරේදී යාපනය, මඩකලපුව, ගාල්ල සහ කොළඹ යන නගරවල පිහිටි ශ්‍රී ලංකාවේ වැදගත්ම පුස්තකාල කිහිපයක් ද ඇගයීමට ලක් කෙරේ. මෙම සෑම පුස්තකාලයක්ම වසර 75කට පමණ පැරණි වන අතර කුතුහලය, ඉගෙනීම සහ නවෝත්පාදනය සඳහා ප්‍රබල උත්ප්‍රේරක ලෙස ක්‍රියා කර ඇත.
Ceylon Literary & Arts Festival – CLAF හි අධ්‍යක්ෂිකා සහ සම-නිර්මාතෘ ෆසීනා රජබ්දීන් මහත්මිය මෙසේ අදහස් දැක්වීය.
“මේ වසරේදී කලා අංශය තවදුරටත් පුළුල් වෙනවා. සාහිත්‍යය කලාව සමඟත්, සංගීතය නාට්‍ය සමඟත්, කවියන් නවකතාකරුවන් සමඟත් යනාදී වශයෙන් නිර්මාණාත්මක ක්ෂේත්‍ර එකිනෙක හමුවීම මෙහි සැබෑ අර්ථයයි. තරුණ පරපුර එම එකතුව තුළ සිටිනවා දැකීම අපේ අපේක්ෂාවයි. රටක නිර්මාණශීලී පදනම් ශක්තිමත් වන්නේ එයට ඇතුළත් කර ගන්නා පරම්පරාවේ ශක්තිය මත බැවින්, සංවාද සැසිවල සිට කලාව සහ අනෙකුත් සියලුම පදනම් දක්වා උළෙලේ සෑම අංශයකටම තරුණ පිරිස ඇතුළත් කර තිබෙනවා. සිව්වන අදියරේදී තරුණ පදනම ඊට සරිලන පරිදි වර්ධනය වෙනවා.”
ජනවාරි 23 සහ 24 යන දෙදින පැවැත්වෙන සාහිත්‍ය සැසි සඳහා වන පූර්ව ප්‍රවේශපත්‍ර (Early-bird passes) නොවැම්බර් 30 වන දින දක්වා www.ceylonliteraryfestival.com වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කෙරේ. සාහිත්‍ය සැසි, කලා උළෙල සහ විශේෂ වැඩසටහන් සඳහා වන ප්‍රවේශපත්‍ර වෙබ් අඩවියෙන් මෙන්ම උළෙල පැවැත්වෙන පරිශ්‍රයේ දොරටුවෙන් ද මිලදී ගත හැකිය.
Ceylon Literary & Arts Festival – CLAF ඉදිරිපත් කරනු ලබන්නේ HSBC සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. ස්ථානීය සහ ආගන්තුක සත්කාර හවුල්කරු වන Cinnamon Lakeside Colombo, John Keells Foundation, Rukmini Tissanayagam Trust, Clouds by SOZO සහ SOZO, පොත්හල් හවුල්කරු Sarasavi සහ සංචාරක හවුල්කරු Acorn Group ඇතුළු කීර්තිමත් හවුල්කරුවන් රැසකගේ සහාය ද උළෙලට හිමිවේ.
මීට අමතරව මාධ්‍ය හවුල්කරුවන් වන Wijeya Newspapers, Daily FT, Daily Mirror, Sunday Times, Hi! Online, Hi! Magazine, Hi!, The Sun සහ මහජන සම්බන්ධතා හවුල්කරු Hardtalk වෙතින් ද උළෙලට අගනා සහයෝගයක් ලැබේ.
වෙබ් අඩවිය www.ceylonliteraryfestival.com, Instagram @ceylonliteraryfestival. උළෙලේ ප්‍රධාන දෘශ්‍ය නිර්මාණය (key visual), කථිකයන්ගේ ඡායාරූප (අදාළ ගෞරව නාමයන් සහිතව) සහ පෙර අදියරයන්හි ඡායාරූප ඉල්ලීම මත ලබා ගත හැකිය.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
