නිමල් රාජපක්ෂ-
අල්-ෆුටයිම් සමූහයේ (Al-Futtaim Group) සාමාජිකයෙකු සහ ශ්රී ලංකාවේ නිසාන් (Nissan) හි බලයලත් බෙදාහරින්නා වන AMW (Associated Motorways) සමාගම, පසුගියදා කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි නිසාන් ප්රදර්ශනාගාරයේදී නවතම නිසාන් ටෙක්ටන් (Nissan Tekton) රථය එළිදැක්වීය. මෙම නව ටෙක්ටන් රථය මෙරට නිසාන් SUV රථ පෙළට එක්වන නවතම සහ ආකර්ෂණීය මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.
AMW සමාගම සහ නිසාන් අතර දශක ගණනාවක් පුරා විහිදී යන දිගුකාලීන සබඳතාවක් පවතින අතර, මෙම නව ටෙක්ටන් (Tekton) රථය එළිදැක්වීම මඟින් නිසාන් හි මෝටර් රථ නිෂ්පාදන සම්බන්ධ ගෝලීය විශිෂ්ටත්වය සහ ශ්රී ලංකා වෙළඳපොළ පිළිබඳ AMW සතු ගැඹුරු අවබෝධය එකතු කරගත් එම හවුල්කාරිත්වයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.
නිසාන් සන්නාමය සතු SUV විශිෂ්ටත්වයේ වසර 75 ක ඉතිහාසය යනු ඉංජිනේරු නවෝත්පාදන, සුවිශේෂී සැලසුම්කරණය සහ හැකියාවන් එකතු කරගත් විශිෂ්ට උරුමයකි. එම උරුමය මත පදනම් වූ මෙම නව ටෙක්ටන් (Tekton) රථය, නවීන SUV රථයක් අපේක්ෂා කරන ශ්රී ලංකික පාරිභෝගිකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙයි.
මෙම එළිදැක්වීම් උත්සවය අමතමින් AMW සමාගමේ සමූහ කළමනාකාර අධ්යක්ෂ ජවහර් ගනේෂ් (Jawahar Ganesh) මහතා මෙසේ පැවසීය: “නිසාන් සතු SUV විශිෂ්ටත්වයේ වසර 75 ක ඉතිහාසය යනු නවෝත්පාදන හැකියාවන් සහ ප්රගතිය සංකේතවත් කරන විශිෂ්ට උරුමයකි. AMW සමාගම වන අප, නිසාන් සමඟ පවතින අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබඳව ආඩම්බර වන අතර, නිසාන් හි විශිෂ්ටත්වය ශ්රී ලංකික පාරිභෝගිකයින් වෙත ගෙන ඒම සඳහා එහි ගෞරවනීය හවුල්කරුවා ලෙස අපගේ කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට අපේක්ෂා කරමු.”
නිසාන් ටෙක්ටන් (Nissan Tekton) යනු නිර්භීත මෝස්තර අනන්යතාවයක් සහ සමකාලීන SUV පෙනුමක් සහිත මෝටර් රථයක් වන අතර, එය තමාගේ ජීවන රටාවට ගැළපෙන වාහනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයින්ගේ සිත පැහැදීමට ලක් කරයි.
මෙම Nissan Tekton රථය මාදිලි 4 කින් ලබාගත හැකි අතර, පාරිභෝගිකයින්ට ටබෝචාජ් කරන ලද එන්ජින් (turbocharged powertrains) සහ සම්ප්රේෂණ වින්යාසයන් (transmission configurations) අතරින් තමන්ට අවශ්ය මාදිලිය තෝරා ගැනීමට අවස්ථාව හිමිවේ.
විඩියෝව නරඹන්න ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්ය ආයතනය අමතන්න
