Spread the love

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනීසිටිමින් වෙළඳ සැල්වලින් මුදල් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙ සංගමයේ ලේකම් චමිල් මුතුගොඩ මහතා පැවසීය.

එම කණ්ඩායම දුරකථන ඇමතුම් දී වෙළඳ සැල් හිමියන්ගෙන් මුදල් ලබා ගන්නා බව පැවසීය.

එවැනි ඇමතුම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙස දැනුම් දෙයි.

කිසිදු විටක ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.