Spread the love

නිමල් රාජපක්ෂ
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara (LCS32)’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද ( 16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS Santa Barbara (LCS32)’ නෞකාව, එක්සත් ජනපද හත්වන (7th Fleet) නෞකා බල ඇනියට අයත් නෞකාවක් වන අතර, එය දිගින් මීටර් 127.6 ක් වේ. මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් A. J. OCHS කටයුතු කරනු ලබයි.